පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ සඳහා පොලිස් ස්ථාන මගින් අවසර ලබා ගත යුතු බවයි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ, 7000 කට අධික වෙළෙඳුන් පිරිසක් ඒ සඳහා ලියාපදිංචිවී ඇති බවයි.
කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පැවසුවේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ප්‍රවාහනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
ඒ සඳහා සැපයුම්කරුවන් කඩිනමින් ලියාපදිංචි කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කළේ, ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම ක්‍රියාත්මක කරන බවයි.