මහනුවර කඩාවැටුණු ගොඩනැගිල්ල ඉවත් කිරීමට පියවර

ඔක් 20, 2020

    මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටී පසුගිය සැප්තැම්බර් 20වනදා ජීවිත 3ක් අහිමි කරමින් කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම අද (20) ආරම්භ කර තිබේ.

    ආපදා කළමනාකාර රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ මහනුවර මහනගර සභාව එක්ව මෙම සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බව පැවසීය.

    මේ සඳහා රුපියල් ලක්ෂ 28ක මුදලක් වැය වන බවත් එම මුදල ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් වැය කර අධිකරණ කටයුතු වලින් පසුව එම මුදල නිවසේ හිමිකරුගෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දීක රණවීර මහතා පැවසීය.

    පොලිස් ආරක්ෂාව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිරීක්ෂණය යටතේ මෙම කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

    සුන්බුන් ඉවත් කිරීම සඳහා සති 2ක් වැනි කාලයක් ගතවන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දීක රණවීර මහතා පැවසීය.

    එම ගොඩනැගිල්ල සෑදීමට ගෙන ඇති අමුද්‍රව්‍යවල සාම්පල ලබාගැනීමට තිබෙන බැවින් එවැනි කාලයක් ගතවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

    Latest News