මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,483ක් දක්වා ඉහළට (වීඩියෝ)

ඔක් 05, 2020
  • යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට සහ මොණරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා පවසා තිබේ.

    මෙම දෙදෙනාම මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික ඇඟලුම්කම්හලේ සේවකයන් වේ.

    ඉකුත් 2වැනිදා නිවාඩු ලබා මොණරාගල බලා ගොස් ඇති මෙම එක් කාන්තාවක් කොරෝනා රෝග ලක්ෂණ මතුවීමෙන් පසු රෝහල් ගතකර තිබේ.

    ඇය ද මේ වනවිට අයි.ඩී.එච් රෝහලට මාරු කර එවා තිබේ.

    අනිත් කාන්තාව ද නිවාඩු ලබා පුන්කුඩතිව් ප්‍රදේශයට ගොස් තිබේ.

    මේ අතර, කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් සේවිකාවන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද දහවල් තහවුරු විය.

    Last modified on සදුදා, 05 ඔක්තෝබර් 2020 20:19

    Latest News