කෝප් කමිටුවට අළුතින් 16ක්

ජන 12, 2019

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සඳහා නව සාමාජිකයන් දහසය දෙනකු (16 ක්) පත්කර ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

    රවුෆ් හකීම්, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, වසන්ත අලුවිහාරේ, රන්ජන් රාමනායක, අශෝක්‌ අබේසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්‍ෂමන් සෙනෙවිරත්න, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රවීන්ද්‍ර සමරවීර, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා, ජයන්ත සමරවීර සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් කෝප් කමිටුව සඳහා නම් කර ඇත. කෝප් කමිටුවේ සභාපති ධුරය සඳහා මෙම මන්ත්‍රීවරුන් අතරින් අයකු පත් කෙරෙන අතර කමිටුව රැස්‌වන පළමු දිනයේ දී සභාපතිවරයා තෝරා ගනු ලැබේ.

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 15:01

    Latest News