දිවයිනේ වැසි හා සුළං තත්වයේ වැඩිවීමක්

සැප් 06, 2020

    දිවයිනේ වැසි හා සුළං තත්වයේ වැඩිවීමක් අද දිනයේ බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයකට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැක.

    දිවයින වටා විටින් විට පැයට කිලෝමීටර් 50ත්, 60ත් අතර තරමක තද සුළං හටගනු ඇත. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණුවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැක. දිවයිනට බස්නාහිර සහ නිරිත දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බව, එම දෙපාර්තමේන්තුව පවසයි. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් සිටිය යුතුවේ.

    Latest News