“සසර කින්නරාවි“ අද සිට ජාතික රූපවාහිනියෙන්

අගෝ 15, 2020

    රූපවාහිනී ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයින්ට අද සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම තවත් සම්මානනීය ටෙලි කතා මාලාවක් රසවින්දනය කිරීමේ අවස්ථාව හිමිවේ.

    සම්මාන රැසකින් පිදුම් ලැබූ “ලෙජන්ඩ් ඔෆ් ද බ්ලූ සී“ කොරියානු ටෙලිකතා මාලාව, සිංහල දෙබසින් රසවත්ව ඉදිරිපත් කෙරෙන්නේ, “සසර කින්නරාවි“ නමින්.

    “ලෙජන්ඩ් ඔෆ් ද බ්ලූ සී“ කොරියාවේ පමණක් නොව, චීනය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, මලයාසියාව, කාම්බෝජය, වියට්නාමය, තායිලන්තය, පිලිපීනය වැනි රටවල් රැසක ප්‍රේක්‍ෂක අවධානය ඉහළින් දිනාගත් ටෙලි නාට්‍ය මාලාවක්.

    කොරියාවේ ඓතිහාසික පුරාවෘත්තයක් පාදක කර ගනිමින්, ආත්ම භවයන් දෙකකදී මුණ ගැසෙන දිය කිඳුරියක හා තරුණයෙකු ගැන කියවෙන කතා පුවතක් වන මෙය, එරට අතීත ජෝසන් රාජ සමයත් වර්තමාන කාලයත් ඔස්සේ දිග හැරේ. සසර කින්නරාවී නමින් අද සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන මෙම කතා මාලාවේ චරිත සඳහා මෙරට තරුණ ශිල්පීන් රැසක් හඬ කැවීම් දායකත්වය ලබාදේ. “සසර කින්නරාවී“ සිංහල හඬ මුසුව මෙලෙස ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හඬකැවීම් ඒකකයයි.

    Latest News