පිළියන්දල 113 දෙනෙක් පීසීආර් පරීක්ෂණයට

ජූලි 16, 2020

    පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයින් 113දෙනෙකු අද (16) දිනය තුළ පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

    ඒ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත යුද හමුදා නිලධාරියෙකු නිවාඩු පැමිණීමෙන් පසුව ඔහුට කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වීමත් සමඟ ඔහු සංචරණය කළ පිළියන්දල සමීපතමයින් හා සංචරණයට ලක් කිරීමත් සමගයි.

    රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙම ආසාදිතයා පසුගිය 4 සහ 5 වැනි දිනවල ඔහුගේ මව පදිංචි පිළියන්දල දැල්තර ප්‍රදේශයට පැමිණ ඇති අතර, පිළියන්දල නගරයේ රාජ්‍ය බැංකුවකට, ගරාජයට, ව්‍යාපාරික ස්ථාන තුනකට සහ නිවාස කිහිපයකට ද ගොස් තිබේ.

    ඒ අනුව අද එම ප්‍රදේශයේ පුද්ගලයින් 113දෙනෙකු පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී සහ දැල්තර ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කර ඇත.

    Latest News