මෙරට පාසල් දරුවකු රැහැන් රහිත වෙද නලාවක් නිපදවයි

ජූලි 13, 2020

    උසස් පෙළ ශිෂ්‍යයෙක් තමා නිර්මාණය කළ රැහැන් රහිත වෙද නලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කරයි.

    ජනාධිපතිතුමා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට ගිය අවස්ථාවේ වෙනුර විජේසේකර සිසුවා සිය නිර්මාණය පිළිබඳව එතුමා දැනුවත් කළේය.

    උපකරණය පරීක්ෂා කළ රාජපක්ෂ මැතිතුමා සිසුවාගේ දස්කම් අගය කළේය.

    වෙනුර විජේසේකර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටී.

    ඔහු නිර්මාණය කර ඇති වෙද නලාව රැහැන් රහිතව භාවිතා කළ හැකයි.

    ඒ නිසා දුරස්ථභාවය රකිමින් රෝගීයා පරීක්ෂා කිරීමට වෛද්‍යවරයාට පිළිවන් වේ.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමි සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News