කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් සොයා අදත් මෙහෙයුම්

ජූලි 13, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරු ඇතුළු නිලධාරීන් ඇසුරු කළ පුද්ගලයින් සොයා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක අද (13) දිනයේද මෙහෙයුම් කි‍්‍රයාත්මක බව සෞඛ්‍ය අංශ පවසනවා.

    ආසාදිතයින්ගේ පළමු මට්ටමේ හමුවීම් මෙන්ම දෙවන මට්ටමේ පිරිස් ද සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි, ප‍්‍රකාශ කෙරුණේ.

    දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ නිලධාරීන් සහ ඔවුන්ගේ සමීපතමයින් රැසක් දැනටමත් හදුනාගෙන අවසන්.

    ඒ අතරින් පිරිසකට PCR පරීක්‍ෂණ සිදුකර ඇති අතර, හඳුනාගත් සියළු දෙනා නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පොකුරේ නිලධාරීන් හා ඔවුන්ගේ සමීපතමයින් හදුනා ගත් ප‍්‍රදේශ අතරට මාරවිල, රාජාංගණය, වැලිකන්ද, ලංකාපුර, හබරාදූව, හික්කඩුව, මහනුවර කුණ්ඩසාලේ මෙන්ම රත්නපුරය ද අයත්.

    Latest News