රැඳවියන් මාරු කිරීම නවතී

ජූලි 13, 2020

    කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් දිවයිනේ බන්ධනාගාර වෙත රැඳවියන් මාරු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

    කන්දකාඩුවේ සිට වැලිකඩ බන්ධනාගාර වෙත එවන ලද රැඳවියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඉකුත් 7 වැනි දින සොයා ගැනීමත් හා ආශ්‍රීතයෙකු ඉකුත් 11 වැනි දින හමුවීමත් සමඟම මෙම තීරණය ගෙන ඇත.

    මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ සිටි පී සී ආර් පරීක්ෂණයට ලක්කළ රැඳවියන් 444 දෙනෙක් නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇතැයි, බන්ධනාගාර මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි. 

    Last modified on සදුදා, 13 ජූලි 2020 16:23

    Latest News