උඩවලව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළට

ජූලි 12, 2020

    උඩවලව ජලාශය ආශ්‍රිත ප්‍රදේශවලට වැසි නොලැබීම නිසා ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව, අප වාර්තාකරු පවසයි.

    ජලාශයේ පෝෂක ප්‍රදේශ වන හල්දුම්මුල්ල, කල්තොට, බලංගොඩ ආදී ප්‍රදේශවලට වැසි නොලැබීමේ තත්වය මත ජලාශයේ ජල මට්ටම සීග්‍ර යෙන් පහළ යමින් පවතින බව වාර්තාවේ. ජලාශයේ ඇති ජල ප්‍රමාණය ගැන අවධානය යොමුකොට ජලය ඉතා ප්‍රවේශමෙන් භාවිතා කරන ලෙස ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    Latest News