ආනයන පාලනය මාස 03 කට නැවත කල්යයි

ජූලි 02, 2020

    කොවිඩ් - 19 වසංගතය හමුවේ මතුව ඇති විදේශ විනිමය ගැටලුවට පියවරක් ලෙස පසුගිය මැයි 22 වැනිදා සිට මාස තුනක කාලයකට පැනවූ ආනයන පාලන සහ බලපත්‍ර නිකුත් කිරීමේ රෙගුලාසි දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ.

    මෙම නව නියෝගයට අනුව 2020 මැයි 22 සිට මාස තුනක කාලයකට නිකුත් කළ රෙගුලාසිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනු ඇත.

    මෙම නව නීතිය මගින් ආනයන සඳහා අවශ්‍යව පවතින අපනයනකරුවන්ට (අපනයන නිෂ්පාදන වෙනුවෙන්) අමුද්‍රව්‍ය ආනයනය කරන රෙගුලාසි මාලාවක් හඳුන්වා දී තිබේ.

    විශේෂ පාලනයක් යටතේ ඇතැම් අයිතමයන්ට මාස තුනක කාලයක් සඳහා අවසර ලබාදෙන අතර ඇතැම් අමුද්‍රව්‍ය ආනයනය තහනම් කර ඇත.

    ඇතැම් භාණ්ඩ විශේෂ බලපත්‍ර ක්‍රමයක් යටතේ ආනයනය කිරීමට අවසර ලබාදී තිබේ.

    මෙම නව රෙගුලාසි යටතේ සිදුකර ඇති විශේෂ තම සංශෝධනය වන්නේ මෝටර් රථ සහ යතුරු පැදි අමතර කොටස් ණය පදනම මත ගෙන්වීමේ ලැයිස්තුවෙන් ඉවත් කර තිබීමයි.

    තවත් භාණ්ඩ ගණනාවකට පනවා තිබූ ආනයන සීමා, මුදල් අමාත්‍යාංශ නිකුත් කළ මෙම නව නියෝගයෙන් සංශෝධනයට ලක් කර තිබේ.

    Latest News