අගමැතිතුමා නව වසරේ රාජකාරී අරඹයි

ජන 01, 2019

    එක්සත් ජාතික පෙරමුණ සමගි සන්ධාන රජය, නව වසරේ රාජකාරී අරඹයි.

    උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද උදේ පැවැත්විණ. කොළඹ සේදවත්ත පුරාණ විහාරාධිපති පුජ්‍ය අඹන්විල ඥාණාලෝක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයට සෙත් ප්‍රාර්ථනා කළහ.

    එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරුන්, පාක්‍ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News