අනුරාධපුරයේ කිසිදු දන්සලක් නොපැවැත්වෙයි

ජූනි 05, 2020

    ජන සහභාගීත්වය අවම කරමින් ආමිස ප්‍රතිපත්ති පූජා පවත්වමින් පොසොන් පොහෝ දිනය වන ජුනි 05 වන අද දින ශිල ව්‍යාපාර , දානමය පුණ්‍ය කර්ම මෙන්ම බෝධි පූජා ආදිය පැවැත්වෙන අතර මෙවර සති පිරිත නොපැවැත්වීමට තීරණය කර තිබේ.

    අනෙකුත් ආගමික වතාවත් සඳහා කලින් සැලසුම් කර සෞඛ්‍යාරාක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ගෙන්වා ගන්නා සීමිත පිරිසක් සහභාගී කරවන බව පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්. එම්. වන්නිනායක මහතා පැවැසීය.

    මෙවර අනුරධපුර යේ කිසිදු පොසොන් දන්සලක් නොපැවැත්වේ. පෙර වසර වල දී මෙන්ම පොසොන් සතිය පුරා සුරා සැල් හා මස්කඩ වසා තැබේ. සැරසිලි කටයුතු ආදිය සිදුකර ගැනීමට බාධාවක් නොවන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. එහෙත් ඒවා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සිදුකරන්නේ ද යන්න සෞඛ්‍ය අංශයේ නිලධාරින් යොදාගෙන පරීක්ෂා කිරිමේ වැඩපිළිවෙළක් ද සකසා ඇත.

    Latest News