මන්නාරමට නව සුළං බල ව්‍යාපෘතියක් - ජනපති උපදෙස්

මැයි 21, 2020

    මන්නාරම තුඩුව ආශ්‍රිතව ආරම්භ කර ඇති සුළං බල ව්‍යාපෘතියට සමගාමීව, තවත් සුළං බල ව්‍යාපෘති ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලිබල සහ බලශක්ති ඇමැති මහින්ද අමරවීරට ඊයේ (20 වැනිදා) උපදෙස් ලබාදී ඇත.

    සුළං බල ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා මෙම දැනුම් දීම සිදුකර තිබේ.

    2016 වර්ෂයේ මන්නාරම තුඩුව ආශ්‍රිතව සුළං බල ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, එහි ඉදිකිරීමේ අවසන් අදියරයට පැමිණ ඇත.

    ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මස විවෘත කිරීමට නියමිතියි.

    මෙගා වොට් 230ක විදුලිය බලයක් එමගින් නිෂ්පාදනය කෙරේ.

     

    Latest News