සාර්ථක වට්ටක්කා අස්වැන්නක්; නමුත් සාධාරණ මිලක් නැහැ - ගොවීන්

මැයි 17, 2020

    සිය අස්වැන්න අළෙවිකර ගැනීමට නොහැකිව දුෂ්කරතාවට පත්ව සිටින වට්ටක්කා ගොවීන් පිළිබඳව මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ.

    මොනරාගල දිස්ත්‍රික්කයේ කහම්බාන තෙනගල්ලන්ද වෙහෙරගල සහ ඉත්තෑකටුව වට්ටක්කා ගොවීන් සිය අස්වැන්න අලෙවිකර ගැනීමට නොහැකි වීමෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියි.

    මේ අතර අනුරාධපුර නොච්චියාගම කොකුම්නෑව ප්‍රදේශයේ වට්ටක්කා ඇතුළු බෝග වගා කරන ගොවීන්ද සිය අස්වැන්න විකුණාගත නොහැකිවීමෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

    ගොවීන් පවසන්නේ තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවලින්ද සිය අස්වැන්නට කිසිඳු ඉල්ලුමක් නොමැති බවයි.

    ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය අස්වැන්න අළෙවිකරගැනීමට අවස්ථාවක් සහ ඒ සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසයි.

    Latest News