සංචාරක කර්මාන්තය ජූලි මස යථාවත් කිරීම අපේක්ෂාවයි

මැයි 14, 2020

    ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

    එහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ හෝටල් හිමියන්ට ලබාදී ඇති බව පැවසේ.

    මේ සම්බන්ධයෙන් ලබන සතියේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද සඳහන් වේ.

    සංචාරක හෝටල් විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

    අතට අතදීම වෙනුවට ආයුබෝවන් වැනි ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සුබ පැතුම් ක්‍රම භාවිත කළ යුතුය.

    කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැලඳ සිටිය යුතුවේ.

    අමුත්තන් ගැවසෙන සියලුම ප්‍රදේශ සහ උපකරණ විෂබීජහරණය කළ යුතුයි.

    අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුවේ.

    අමුත්තන් ලියාපදිංචි කිරීමේදී සියලු තොරතුරු ලබාගත යුතු අතර, එහිදී පැමිණී රට, ගුවන් යානයේ අංකය, ආසන අංකය යන තොරතුරුද ලබාගත යුතුයි.

    Latest News