කොරෝනා ආසාදිතයින් 238 දක්වා ඉහළට

අප්‍රේ 16, 2020

    ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 238 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෑතකදී ඉන්දියාවේ සිට පැමිණි කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවකට කොවිඩ් - 19 ආසාදනය වී ඇතැයි හඳුනා ගෙන ඇත.

    මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මේ වනවිට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර, 63 දෙනකු සුවය ලබා පිටව ගොස් තිබේ.

    Latest News