දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 22ක්

මාර් 21, 2020

    හෝමාගම මුලික රෝහල නව කොරෝනා වෛරස ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් ඇතුළත් කරන තවත් රෝහලක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව අද (21) සිට අදාළ රෝගීන් පමණක් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කරගැනීම සිදුවන බව රෝහල් අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

    මේ අතර දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

    ඔවුන් සියලුදෙනා මුලතිව් හා ඉරනමඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව සඳහන්.

    මේ අතර මේ වනවිට දිවයිනේ නිරෝධායන මධ්‍යස්ථාන 22ක් ස්ථාපිත කර ඇති බවයි, යුධ හමුදාපති ලුතිනන්ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. 

    Latest News