පෞද්ගලික රෝහල් හා වෛද්‍ය අංශ වගකීමෙන් ක්‍රියා කරන්න; JMO

මාර් 16, 2020

    පෞද්ගලික රෝහල් හා වෛද්‍ය අංශ මේ මොහොතේ වගකීමෙන් ක්‍රියා කරන්නැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

    කෙරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් හමුවූ වහාම ඔවුන් අදාල මධ්‍යස්ථා කරා යොමු කළ යුතු බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය ප්‍රකාශ කළේය.

    එහිදී අදහස් දැක්වූ වෛද්‍ය හරිත අළුත්ගේ...

    “පුළුවන් තරම් අපි දැනුවත් කරන්න ඕනේ ආසාදිත පුද්ගලයන් විශේෂිත මධ්‍යස්ථානවලට පමණක් යවන්න. පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික අංශය මේ මොහොතේ වගකීමෙන් හැසිරෙන්න ඕනේ. රෝගීන්ව අදාළ තැන්වලට යොමු කිරීමෙන් තොරව ප්‍රතිකාර කිරීමෙන් රටටම ලොකු අවදානමක් ඇතිවෙලා තියෙනවා. බලධාරීන්ට තියෙන වගකීම තමයි රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ මාලාවක් පෞද්ගලික අංශයට සහ සියලුම රෝහල්වලට වහාම නිකුත් කළ යුතු“ යැයි වෛද්‍ය හරිත් අළුත්ගේ මහතා පැවසීය.

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැළකීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ආයුර්වේද වෛද්‍ය සභාව ද අද ජනතාව දැනුවත් කෙරිණ.

    වෛද්‍ය අජිත් කුමාර මහතා- ආයුර්වේද වෛද්‍ය සභාව...

    කොහොඹ පත්‍ර, පොතු, ඇට, දුම් ඇල්ලීම තුළින් තමන්ගේ නිවස ආරක්‍ෂා වෙනවා. කහ දියරවලින් තමන්ගේ නිවසේ විෂබීජ හරණය කරගැනීමේ හැකියාව තියෙනවා. පෙරුම්කායම්, වඳ කහ කියන ද්‍රව්‍ය දෙක රෝග බෝවීම වළක්වන ඖෂධ. ඉඟුරු කොත්තමල්ලි අඩංගු පානයක් දවසට තුන්වරක් පානය කිරීමෙන්.

    ඒ වගේම ඔබ මෙතෙක් කලක් පුරුදු වෙලා සිටි තේ, කිරි, කෝපි වැනි පාන වර්ගවලින් අත් මිදෙන්න. ඒවා නවත්වන්න. රණවරා, ඉරමුසු, පොල්පලා, නීරමුල්ලිය වගේ දෙයක් හුරු කරගන්න. මේ සති දෙක කෘත්‍රීම ආහාරවලින් සම්පුර්ණයෙන්ම ඉවත් වෙන්න. තමන්ගේ නිවසේදි අපේ දේශීය කුළු බඩු යොදා හදාගත්ත ආහාරය භුක්ති විඳින්න. මෙය රෝගීන් ආරක්‍ෂා කරගැනීමට මහඟු මෙහෙවරක් කරයි“ යැයි වෛද්‍ය අජිත් කුමාර මහතා පැවසීය.

    Latest News