ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරිය ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට (වීඩියෝ)

මාර් 11, 2020
  • අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ ලේකම් පර්ල් කේ. වීරසිංහ මහත්මිය කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවට අද ඉදිරිපත් වුණා.

    ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ, අධිකරණය ඉල්ලා සිටින ලේඛන සියල්ල බාරදීමට තම සේවාදායිකාව සූදානම් බවයි. ඒ අනුව, අදාළ ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෙට (12) බාරදෙන ලෙස විනිසුරු මඩුල්ල කොමිසමේ ලේකම්වරියට නියෝග කළා. ඇයට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන බවට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.

    ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කොමිසමේ ලේකම්වරියට එරෙහිව වරෙන්තු නිකුත් කළේ අලි රොෂාන් ඇතුලු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන ගොනු මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කර තිබූ නියෝගය පැහැර හැරීම හේතුවෙන්.

    Last modified on බදාදා, 11 මාර්තු 2020 20:19

    Latest News