සැමිබියානු යුද හමුදාපති නාවික විධානයේ සංචාරයක

පෙබ 24, 2020

    නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සැමිබියානු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ඩබ්ලිව්.එම්.ෂිකාස්වේ මහතා නැගෙනහිර නාවික විධානයේ සංචාරයකට ඊයේ එක්විය.

    සැම්බියානු යුද හමුදාපතිවරයාව මෙහිදී පිළිගනු ලැබුවේ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය අඥාපති කොමදෝරු සංජීව ඩයස් මහතා විසින්. නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ප්‍රසන්න මහවිතාන මහතා විසින් එම විද්‍යාපීඨයේ සිදු කරනු ලබන පුහුණුවීම් හා කාර්යයන් පිළිබඳව සැමිබියානු යුද හමුදාපතිවරයා දැනුවත් කරනු ලැබීය. ඉන් අනතුරුව නාවික හා සාගර විද්‍යාපීඨයේ නිරීක්ෂණ චාරිකාවකට සැමිබියානු යුද හමුදාපතිවරයා එක්විය. සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදී සිදුවිය.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 08:16

    Latest News