මත්ස්‍ය ආහාර රට තුළම නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

පෙබ 05, 2020

    ශ්‍රී ලංකාවට අවශ්‍ය මත්ස්‍ය ආහාර රට තුළම නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් අද ආරම්භ කෙරිණ.

    ඒ ජා-ඇල, ඒකල ප්‍රදේශයේ දී. මේ සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ප්‍රදානය කරන ලද මත්ස්‍ය ආහාර නිෂ්පාදන යන්ත්‍රයක්, ඒකල මත්ස්‍ය ආහාර නිෂ්පාදනාගාරයේ ස්ථාපනය කර තිබේ. එහි නිෂ්පාදන අද ආරම්භ කෙරුණේ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා නියෝජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. යන්ත්‍රය මගින් පැයකට මත්ස්‍ය ආහාර කිලෝ 500ක් නිෂ්පාදනය කළ හැකියි.

    මෙහි අතිරික්තය අපනයනය කිරීමේ හැකියාව ද පවතින බව සනත් නිශාන්ත පෙරේරා මහතා පවසයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළෙන් ඉවත ලන ද්‍රව්‍ය උපයෝගි කර ගනිමින්, මෙම මත්ස්‍ය ආහාර නිපදවනු ලබන්නේ නාරා ආයතනයේ තාක්‍ෂණික සහය ද ඇතිවයි.

    Latest News