විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන්ට උසස් අධ්‍යාපන වරම් ; අමාත්‍ය බන්දුල ගුණවර්ධන (වීඩියෝ)

ජන 01, 2020
  • විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සියලුම සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙළ මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙය ක්‍රියාත්මකයි. මේ බව ප්‍රකාශ කෙරුණේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන....

    “විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලබලා තියෙනවා එක්ලක්‍ෂ අසූ එක්දහස් එකසිය විසිහයක්. එයින් සම්ප්‍රදායික ලෙස තිස් දහසක් බඳවා ගත්තොත් එක්ලක්ෂ පනස් දහසක් දළ වශයෙන් 2020 වර්ෂයේ අගාධය කරා ඇදෙනවා සාමාන්‍ය ක්‍රමය අනුව. අපි මේක වෙනස් කරනවා. අපි මේ එක්ලක්‍ෂ පනස් දහසටම උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා 2020 වර්ෂය තුළදී ලබාදෙන්න වැඩපිළිවෙළක් කරනවා. තිබෙන මානව සම්පත් හා භෞතික සම්පත් වඩා ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරගැනීම තුළින් මේ වසර්ෂයේදී ඉකුත් වර්ෂයට වඩා 25%කින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වැඩි කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා“ යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 20:56

    Latest News