GMO චෝදනාවලට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් පිළිතුරු (වීඩියෝ)

දෙසැ 31, 2019
  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එල්ල කරන චෝදනාවලට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පිළිතුරු දුන්නේය.

    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළේ, ආනන්ද හිමියන්ගේ හැසිරීම ගැටලු සහගත බවයි.

    එහිදී අදහස් දැක්වූ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා...

    “රාජිත සේනාරත්න මහතාට පිරිත් නූල් ගැටගසන්න යන ඒ සංඝයා වහන්සේලා උන් වහන්සේලා ආගමික කටයුක්තක් වෙන්න ඇති කරන්නේ. මුරුත්තෙට්ටුවේ ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපතිවරයා බව අපට අමතක කරන්න බැහැ. මේ රටේ ජනාධිපතිවරයා පත්වීමෙන් පස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ලේකම්වරයා විය යුතු බව රජය තුළ අදහසක් තිබුණා. ඒ සඳහා කටයුතු සිද්දවෙමින් තිබුණා. ප්‍රධාන පාර්ශ්වයක් ලෙස අදාළ ස්වාමීන් වහන්සේ මැදිහත් වෙමින් එසේ සිදු කිරීම ගැටලුකාරී තත්වයක් බව එයට විරුද්ධ වෙමින් ප්‍රකාශ කරනවා“ යැයි වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය.

    පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ...

    GMO “පාදෙනිය මහත්තයාගෙයි මගෙන් කිසිම තරහක්, වෛරයක් නැහැ, උවමනාවකුත් නැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 70කට ආසන්න කාලයක් තිබියදීත්, එක වෘත්තිය සමිතියක නායකයෙක් ලේකම් කරනවානම් ඒකත් අසාධාරණයි, සදාචාරාත්මක අයිතියක් නෙමෙයි. රාජිත සේනාරත්න මහත්මයා මිනීමරුවෙක් නෙවෙයි. මිනීමරුවෙක් වුවත් පෝරකයට යොමු වුණාට පස්සේ භික්ෂුන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා ඔහුට පිරිත් නූලක් බැඳලා ආශිර්වාද කරනවා. රාජිත සේනාරත්න මහත්මයා දේශපාලන වශයෙන් නෙමෙයි මාත් එක්ක බොහොම කාලෙක ඉඳන් සම්බන්ධකම් පවත්වන පුද්ගලයෙක්. භික්ෂුන් වහන්සේලා මිනිසුන්ට පිරිත් නූල් බඳින්නේ නැතුව ලෙබ්බෙලද ගිහිල්ලා පිරිත් නූල් බඳින්නේ“ යැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 20:13

    Latest News