ජාතික රූපවාහිනීයේ ශිරාන් රත්නායකගේ “ශ්‍රීපොප්“; කොරියාව තෝරාගනී

නොවැ 15, 2019

    කොරියාවේ කොයිකා ආයතනය සහ කේබීඑස් ආයතනය රටවල් ගණනාවක් අතරින් ජාතික රූපවාහිනියේ සම්මානනීය නිෂ්පාදකවරයෙකු වන ශිරාන් රත්නායක ඉදිරිපත් කළ වැඩසටහන් යෝජනාව නව නිෂ්පාදනයක් සඳහා තෝරා ගෙන තිබේ.

    එහි මූල්‍ය ගිවිසුමට රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී අද අත්සන් තැබිණ. කොයිකා ආයතනය සහ කේබීඑස් ආයතනය 2016 වසරේ සිට අඛණ්ඩව අවස්ථා තුනකදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදන කාර්ය මණ්ඩලය වෙත කොරියානු විශේෂ පුහුණු වැඩමුළුවකට අවස්ථාව ලබා දී තිබේ. තවත් රටවල් ගණනාවකින් ද වැඩසටහන් නිෂ්පාදකවරුන් ඊට එක්වූහ. ඔවුන්ට එහිදී වැඩසටහන් යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් අතර, ජාතික රූපවාහිනියේ නිෂ්පාදක ශිරාන් රත්නායක ඉදිරිපත් කළ “ශ්‍රීපොප්, ශ්‍රී ලාංකීය ජනප්‍රිය ගීතයේ ගෙවී ගිය සියවස“ නමැති යෝජනාව ඒ අතරින් තෝරාගෙන ඇත.

    එම වැඩසටහන නිෂ්පාදනය සඳහා කේබීඑස් ආයතනය රූපවාහිනී සංස්ථාවට රුපියල් ලක්‍ෂ 40 කට අධික මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ ගිවිසුමට සංස්ථා පරිශ්‍රයේදී අත්සන් තැබුණේ, කොරියානු කේබීඑස් ආයතනයේ මහාචාර්ය සුක් සන් චෝයි, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද, අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න යන මහත්ම-මහත්මීන්ගේ සහභාගිත්වයෙන්. එම මුදලින් එළඹෙන නිදහස් දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නිෂ්පාදනය කෙරේ. එය ලබන පෙබරවාරි 04 වැනි දින විකාශය කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 15 නොවැම්බර් 2019 19:25

    Latest News