රාජ්‍ය සම්මාන 16ක් රූපවාහිනියට

නොවැ 22, 2019

    2019 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලෙදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සම්මාන 16කින් පිදුම් ලැබීය.

    සම්මාන ප්‍රදානෝත්සවය උත්කර්ශවත් අන්දමින් ඊයේ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණ.

    සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 14 වැනි වරටයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් වූ රූපවාහිනි නිර්මාණය මෙහිදී ඇගයීමට ලක්විය. 

    ප්‍රශස්තම සඟරාමය වැඩසටහන සඳහා වූ සම්මානය හිමිවුණේ, ජාතික රූපවාහිනියේ විකාශය වූ සුක්කානම අධ්‍යක්‍ෂණය කළ තරංගි අතුරලියටයි.

    “පුදුම හිතෙන ඉස්කෝලේ“ අධ්‍යක්‍ෂණය කළ නාමල් ප්‍රසන්න ප්‍රශස්තම වාර්තාමය ටෙලි නාට්‍යයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

    ප්‍රශස්තම ළමා වැඩසටහන වූයේ“ පුංචි අපේ ලෝකයයි. එය අධ්‍යක්‍ෂණය කළේ තුසිත විදානපතිරණයි.

    ප්‍රශස්තම ගීත දෘෂ්‍යකරණය සඳහා වූ සම්මානය “නිල් අහස් තලේ“ ගීතය වෙනුවෙන් රවීන්ද්‍ර මුණසිංහට හිමිවිය.

    ප්‍රශස්තම ඒකාංගික ටෙලි නාට්‍යය “එයත් දැන් පැන්ෂන්“ නාට්‍යයයි. එහි අධ්‍යක්‍ෂණ වෙනුවෙන් ආනන්ද අබේනායක සම්මානය හිමිකර ගත්තාය.

    ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන දෙකක් ජාතික රූපවාහිනියට හිමිවිය. ඒ යථාරූප වැඩසටහන් මාලාව අධ්‍යක්‍ෂණය උදෙසා සුමින්ද තිලකසේන සහ මංසල ටෙලි නාට්‍යයේ “බිනර මස අහස සේ“ ගීතය ගායනා කළ තුෂාරි බොළුකඳුරටයි.

    දෙමළ මාධ්‍යයේ ප්‍රශස්තම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය “ගෞතමි“ ටෙලි නාට්‍යයයි. එය අධ්‍යක්‍ෂණය කළ එස්. කොනේෂ්වරන්ට සම්මානය හිමිවිය.

    එම ටෙලි නාට්‍යයේ රඟ පෑ ශ්‍රී දේවි ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලි නාට්‍ය නිළියයි.

    ගෞතමි ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ටිරෝන් ෆ්‍රනෑන්ඩො සම්මානයට පාත්‍රවිය.

    ප්‍රශස්තම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය දෙමළ මධ්‍යයේ ගීත ගායනයට හිමි සම්මානය දේනුකා හිමිකර ගත්තාය.

    ගෞතමී ටෙලි නාට්‍යයේ ගීත රචක රාජ් කුමාර් ප්‍රශස්තම ප්‍රාසාංගික ටෙලි නාට්‍යය ගීත රචනය සඳහා වූ සම්මානය හිමිකර ගැනීමට සමත්විය.

    එස් සශිකාන්ත් අධ්‍යක්‍ෂණ කළ “තායි තිරුනාල්“ ප්‍රශස්තම දෙමළ සඟරාමය වැඩසටහනයි. ප්‍රශස්තම ඒකාංගික දෙමළ ටෙලි නාට්‍යය එම් මවුලානා අධ්‍යක්‍ෂණය කළ කෆ්ෆරා නාට්‍යයයි.

    ප්‍රශස්තම සජීවකරණ දෙමළ මාධ්‍යයේ නිෂ්පාදනය වුයේ නේත්‍රා නාලිකාවේ ප්‍රධාන තේමාවයි. එම සම්මානය හිමිකර ගත්තේ ටී. ශිවනේෂන්.

    දෙමළ මාධ්‍යයේ ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදිකාව වූයේ කුමාර ලිංගම් සාම්බව්.

    සුමිත් සී. දිසානායක රූපවාහිනිය පිළිබඳ ලියැවුණු ශාස්ත්‍රීය කෘතිය සඳහා වන කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

    රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල පිරිනැමුණු යාවජීව සම්මාන දෙක ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනෙකුට හිමිවීම විශේෂත්වයක්. එක් සම්මානයක් හිමිවූයේ, මෙරට ළමා පරපුරට අලුත් රූපවාහිනී අත්දැකීමක් තිළිණ කළ “මුතුහර“ රූපවාහිනී වැඩසටහන නිර්මාණය කළ ලලිතා සිරිබද්ධන මහත්මියයි.

    අනෙක් සම්මානය ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨතම දමිල නිවේදකයෙකු වන එස්. විශ්වනාදන් මහතාට හිමිවිය.

    Last modified on සිකුරාදා, 22 නොවැම්බර් 2019 20:23

    Latest News