ෂාරුක් ඛාන්ගේ උපන් දිනයට රසික-රසිකාවියන්ගෙන් සුභ පැතුම්

නොවැ 03, 2019

    ලෝක ප්‍රසිද්ධ ජනකාන්ත ඉන්දීය සිනමා නළු ෂාරුක් ඛාන්ගේ 54 වැනි උපන් දිනය ඊයේට යෙදී තිබිණ.

    ඒ වෙනුවෙන් සුබපැතුම් එක්කිරීමට රසික රසිකාවියන් රැසක් ඊයේ ඔහුගේ මුම්බායි හි පිහිටි “මන්නක්“ නිවෙස වෙතට පැමිණියේය. “කිං ඛාන්“ ලෙස හඳුන්වන ෂාරුක් ඛාන්, බොලිවුඩ් සිනමාවේ “කිරුළු නොපලන් රජු“ ලෙසින් නම් දරා තිබේ. සෑම වසරකම මෙන් මෙවර ද ඊයේ අලුයම් රාත්‍රීය ද නොතකමින් සිය නිවෙසට පැමිණ සිටි පිරිසට ෂාරුක් ඛාන් සිය ස්තුතිය පුද කළේය. 1965 නොවැම්බර් 02 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී උපත ලැබූ ෂාරුක් ඛාන් දිල්ලි නගරයේ පිහිටි “හංසරාජ“ පාසලින් මූලික අධ්‍යාපනය හදාරා, දිල්ලි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරනු ලැබීය. සිනමා නළුවෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන ෂාරුක් ඛාන් තිදරු පියෙක්. ඔහුගේ බිරිඳ වන්නේ, ගෞරි ඛාන්. 1980 දී සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන ෂාරුක් ඛාන් රඟ පෑ ප්‍රථම චිත්‍රපටය වන්නේ 1992 දී නිෂ්පාදිත “දීවානා“ චිත්‍රපටයයි. අනතුරුව ඔහු රංගනයේ යෙදුණු දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ, කුච් කුචි හෝතාහේ, වීර්සාරා, කබි කුෂි කබිගම්, මයි නේම් ඊස් ඛාන්, කල් හෝනා හෝ වැනි හොඳම මෙන්ම ජනප්‍රියතම චිත්‍රපට 50කට අධික ප්‍රමාණයකින් ඔහු ලෝක ප්‍රසිද්ධියට පත්විය.

    Last modified on ඉරිදා, 03 නොවැම්බර් 2019 19:20

    Latest News