කොළඹ කොටස් වෙළෙඳ පොළ ශීඝ්‍ර වර්ධනයක්

නොවැ 18, 2019

    නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගෙන තිබේ.

    මේ වසරේ වාර්තා වූ ඉහළතම සමස්ත කොටස් මිල දර්ශක අගය වාර්තා වී ඇත්තේ අද දිනයේදී. ඒ පිළිබඳ අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළෙඳ පොළේ ශෙරාජ් ඔබේසේකර මහතා...

    අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54කින් ඉහළ ගොස් තිබෙනවා. සියලු කොටස් මිල දර්ශක අගය අද දින අවසානයේ දී ඒකක 6129.56ක් ලෙස සටහන් වෙනවා. මෙම අගය මේ වසරේදී සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වී ඇති ඉහළම අගය ලෙස සඳහන් කරන්න පුලුවන්. මේ වසරේ දී දිනයක් තුළ වාර්තා වූ වැඩිම ප්‍රමාණය වන 18,569 ද අද දිනයේ වාර්තාවීම විශේෂත්වයක්“ යැයි ශෙරාජ් ඔබේසේකර මහතා පැවසීය.

    Latest News