බින් ලාඩන් ඇල්ලූ සීල් හමුදාවේ හිටපු ප්‍රධානියා මිය යයි

දෙසැ 30, 2021

    ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමේ මාරාන්තික මෙහෙයුම ඇතුළු විශේෂ මෙහෙයුම් රැසක් සිදු කළ අමෙරිකාවේ සුපිරි හමුදා අනුඛණ්ඩයක් වන සීල් ටීම් සික්ස් නිර්මාතෘ සහ එහි ප්‍රථම අණදෙන නිලධාරියා වූ රිචර්ඩ් මාර්සින්කෝ මියගොස් තිබේ.

    වියට්නාම් යුද විරුවකු වන ඔහු මිය යන විට 81 හැවිරිදි වියෙහි පසු විය.

    ඔහු සීල් කණ්ඩායමේ පළමු භට කණ්ඩායම සඳහා එහි පළමු වසර තුනේ දී අණ දීම සිදු කළ අතර, අමෙරිකානු නාවික හමුදාවේ සේවය කරන අතරතුර ගෞරව පදක්කම් සහ නම්බු නාම 30කට වඩා ලබා ඇත.

    සීල් කණ්ඩායමේ විනය විරෝධී හැසිරීම් ප්‍රචලිත කිරිම ගැනද ඔහුට චෝදනා නැඟී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ. යුද පිටියෙන් බාහිර ක්‍රියාකාරකම්වල දී ඔහුට නෛතික ගැටලු ඇති වී තිබෙන අතර, කෙටි කාලීනව සිර දඬුවම් ද විඳීමට සිදු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021 11:05

    Latest News