ප්‍රංශයට කොරෝනා 5 වැනි රැල්ලක්...

නොවැ 11, 2021

    කොරෝනා වසංගතයේ පස්වැනි රැල්ල එරට ආරම්භ වී ඇතැයි, ප්‍රංශ සෞඛ්‍ය බලධාරින් පවසනවා.

    එරට මේ වන විට දෛනික කොරෝනා අසාදිත සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ද මීට පෙර ප්‍රකාශ කළේ, ආසාදිත සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. එරටින් හඳුනාගැණුනු නව ආසාදිතයින් සංඛ්‍යාව 11,883 ක්.

    කොරෝනා මරණ 33 ක් ද ඊයේ වාර්තා වුණා. මේ අතර, ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ප්‍රකාශ කළ්, වෛරසයේ සංසරණය වේගවත් වෙමින් පවතින බවයි. ප්‍රංශයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,244,000 ඉක්මවා තිබෙනවා. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද, 118,000 කට අධිකයි.

    Latest News