ඒ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මෙහිදී, වයස අවුරුදු 12ත්, 15ත් අතර ළමුන් සඳහා ද එන්නත් ලබාදෙන බව එරට බලධාරීන් ප්‍රකාශ කළේය.
ලබන මස මැද භාගය වනවිට ඕස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයෙන් 70%කට පූර්ණ එන්නත් ලබාදීමට නියමිතයි. එන්නත්කරණය සාර්ථක වුවහොත් දැනට ක්‍රියාත්මක වසා දැමීමේ සීමා ඉවත් කිරීමට හැකිවනු ඇත.
මේ වනවිට එරට වැඩිහිටි ජනගහනයෙන් 46%කට පූර්ණ එන්නත් ලබාදී තිබේ. /.නූ පැය 24 තුළ එරටින් හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 1,655ක්. එම කාලය තුළ එරටින් කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7ක් වාර්තාවේ.