පැරිස් උණුසුම් - අයිෆල් වසා දමයි

දෙසැ 07, 2018

    ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි අයිෆල් කුළුණ හෙට සිට වසා තබන බව විදෙස් මාධ්‍ය කියා සිටී.

    ඉන්ධන බදු සහන ලබා දෙන ලෙස උද්ඝෝෂකයින් විසින් සිදුකළ ප්‍රචණ්ඩක්‍රියා මීට හේතුවයි. පැරිස් නුවර හරහා ප්‍රධාන නගරවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 89,000ක් රාජකාරියේ යොදවා තිබේ. ඒ උද්ඝෝෂණ මැඩපැවැත්වීමේ අරමුණෙන් බව අග්‍රාමාත්‍ය එඩ්වාර්ඩ් පිලිප් සඳහන් කළේය. කෞතුකාගාරය, වෙළෙඳසැල් සහ ආපන ශාලා වසා තබන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    පසුගිය සති තුන පුරා අගනුවර හා ප්‍රධාන නගරවල විරෝධතා ව්‍යාපාර උත්සන්න වෙමින් පැවතිණ. ඒ අවස්ථාවේ දී උද්ඝෝෂණකයන්ගේ ඉල්ලීමට සවන් දෙමින් ප්‍රංශ රජය ඉන්ධන බදු පැනවීම ඉවත් කළ බව නිවේදනය කළේය.

    Latest News