ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා තිබේ.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 848 ඉක්මවයි.

COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පරිත්‍යාග කළ රු.‌ මි. 12කට ආසන්න මුදලක්‌ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට ඊයේ බාරදී තිබේ.

ඒ අනුව, ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිනල පහසුකම් පිළිබඳ අමාත්‍යාංශය පිරිනැමූ රුපියල්‌ දෙලක්ෂ හැත්තෑ එක්දහස්‌ එකසිය විසිඅටක (271,128) මුදලක්‌, ශ්‍රී ලංකා තක්සේරුකරන්නන්ගේ ආයතනය පිරිනැමූ රුපියල්‌ ලක්ෂ 05ක (500,000) මුදලක්‌, ඔප්පෝ සමාගම පිරිනැමූ රුපියල්‌ ලක්ෂ 12ක (1,200,000) මුදලක්‌, වාහන ආනයනකරුවන්ගේ සංගමය පිරිනැමූ රුපියල්‌ මිලියන 10ක පරිත්‍යාගයක්‌ බාර දී තිබේ. මෙම මුදල්‌ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඊයේ බාර දෙනු ලැබිණි.

ඊයේ වන විට COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල්‌ මිලියන 822ක්‌ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

pm-fund.jpg

 

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ  COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 822 ඉක්මවයි.

Latest News