මොරටුවේ බොරු ජනපති උපදේශක රිමාන්ඩ්

දෙසැ 29, 2019

    ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කර අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ජනාවරි 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණ. ශ්‍රීයානන්ද තිස්ස ද අල්විස් නමැති සැකකරු ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙකි.

    ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    හමුදා සේවයේ නිරතව විශ්‍රාමික මොහුව මොරටුව උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කෙරෙන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්ර ධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා පවසයි.

    Latest News