මැතිවරණ පැමිණිලි භාර ගන්න මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඒකකයක්

ඔක් 25, 2019

    ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ පැමිණිලි භාර ගැනීම සඳහා මානව හිමිකම් කොමිශන් සභාව විසින් ඒකකයක් පිහිටුවා තිබේ.

    මැතිවරණ කාලසීමාව තුළදී රාජ්‍ය නිලධාරීන් සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා කඩ කිරීම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා අදාල ඒකකය පිහිටුවා ඇති බවයි එම කොමිසම සඳහන් කළේය.

    ඒ අනුව පැය 24 පුරා ක්‍රියාත්මක ඒකකය සදහා 1996 ක්ෂණික දුරකතන ඇමතුම් අංකය හරහා පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව පවතියි.

    මීට අමතරව අදාළ පැමිණිලි ඒකකබාර නිලධාරී, මැතිවරණ පැමිණිලි භාරගැනීමේ ඒකකය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව, අංක 14, ආර්.ඒ.ද මැල් මාවත, කොළඹ 04 යන ලිපිනයනට ලිඛිතව ඉදිරිපත් කිරීමට ද හැකියාව පවතියි.

    එමෙන්ම 011 20 50 55 74 යන ෆැක්ස් අංකය හරහා ද ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කිරීමට හැකි බව මානව හිමිකම් කොමිශන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News