වාරියපොල රිය අනතුරක් දරුවෙකු ජීවිතක්ෂයට

සැප් 27, 2019

    වාරියපොල අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටේ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් දස හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (26) සවස 5.20 ට පමණ මෙම රිය අනතුර සිදුව ඇත.

    අනුරාධපුර දෙසට ධාවනය වු යතුරු පැදියක් දකුණුපස අතුරු මාර්ගයකට හැරවීමට යෑමේ දී පිටුපසින් පැමිණි රථයේ ගැටී අනතුර සිදුව තිබේ.

    වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News