අංගම්පොර ගම්මානයක් කිලිනොච්චියේ (වීඩියෝ)

ජූලි 13, 2019

    යුද හමුදා අංගම්පොර ගම්මානයක් කිලිනොච්චියේ ස්ථාපිත කර තිබේ.

    එය දසබල රාවණ පර්යේෂණ හා සංරක්‍ෂණ ගම්මානය ලෙස නම්කර ඇත. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය සංස්කෘතියේ එක් පැතිකඩක් ලෙසයි, අංගම්පොර හැඳින්වෙන්නේ. වර්තමානයේ මෙය ක්‍රීඩාවක් ලෙස සළකා කටයුතු කළත්, එහි මූලාශ්‍රවලට අනුව අංගම්පොර අයත් වන්නේ, අධ්‍යාත්මික හැදෑරීම් ගණයටයි. පරාක්‍රමබාහු රාජ්‍ය යුගයේ විශාල අංගම් සේනාවක් සිටි බවත්, දුටුගැමුණු යුගයේ දස මහා යෝධයන් දක්‍ෂ අංගම් ශිල්පීන් බවත්, පුරාවිද්‍යා ලේඛනවල සඳහන්. වර්තමානයේ ද මෙම සාම්ප්‍රදායික සටන් ක්‍රමය දැඩි හික්මීමක් සහිත පුද්ගලයෙකු බිහි කිරීමේ අරමුණෙන්, යුද හමුදාව වෙතලබාදීමට කටයුතු කර තිබේ. අංගම්පොර සංරක්‍ෂිත ගම්මානය යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව ගොඩ නැගෙන්නේ ඒ අනුවයි. රිටිගල, ආර්යවංශ, සද්දවිද්ධ, අධිවිධි, රණසැර, රාක්ෂරත්න, විශුද්ධඉරිමාගල, සිංහක්කාර, මැරගලලාගේ ගුරුන්නාන්සේ පුහුණුවීම් බාරව කටයුතු කරයි. ගම්මානය මේ මස 26 වැනි දින යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 21:32

    Latest News