බදුරලිය පාසලේ බෝම්බ උරය තැබූ සැකකරු CCDයට

මැයි 25, 2019

    බදුරලියේ විද්‍යාලයක තිබී සොයාගත් බෝම්බ පාර්සලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨශයට භාරදී ඇත.

    මෙම සිතාමතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ(24) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

    ඔහු බදුරලිය හැඩිගල්ල ජනපදයේ පදිංචිකරුවෙක් වන හපුආරච්චිගේ පවිත්‍ර මධුසංක නමැති 32 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨශයට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබේ.

    bad001

    ඉකුත් 23 දින රාත්‍රී බදුරලිය පොලිස් වසමේ කණිෂ්ඨ විද්‍යාලයක පන්ති කාමරයක් සමීපයේ තිබී මෙම බෝම්බ පිරවූ පාර්සලය සොයා ගෙන තිබේ. එහි ජීව අත්බෝම්බ 14ක් සහ කුඩා පිපිරීමක් සිදු කළ හැකි බෝතලයකට ඩෙටනේටරයක් සම්බන්ධ කළ උපකරණයක් ද තිබී ඇත.

    bad003

     මේ දිනවල පාසැල්වල ආරක්ෂාවට දෙමාපියන් රාත්‍රී කාලයේ ද සිටින බැවින් එවැනි අවස්ථාවක සැක කටයුතු පුද්ගලයෙකු සම්බන්ධව පොලිසිය දැනුවත් කර තිබේ. ඒ අනුව පාසල අවට පරීක්ෂා කිරීමේදී මෙම ජීව අත්බෝම්බ කිහිපය හමුව ඇත. එයින් බෝම්බ 12ක් පාසලේ 1 ශ්‍රේණියේ පන්ති කාමරයකට යාබදව පොලිතීන් බෑගයක දමා තිබී ඇති අතර තවත් බෝම්බ 2ක් පන්ති කාමරයක පැති දැලක එල්ලා තිබූ බව පොලීසිය සඳහන් කරයි. එම ජීව අත්බෝම්බ චීනයේ නිෂ්පාදිත එවා බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

     පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පැලවත්ත යුද්ධ හමුදා කඳවුරේ නිලධාරීන් සහ බදුරලිය පොලීසිය විසින් මෙම පරීක්ෂාව සිදු කර තිබේ. එම සොදිසියට පොලිස් නිල සුනඛ "ජන්කා" ද යොදවාගෙන තිබේ.

     bad002

    bad004

    Latest News