ජී.එල් - බැසිල් ඡන්දේ ගන්න කැෆේ එකට යයි

මැයි 16, 2019

    නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යපාරය හෙවත් කැෆේ සංවිධානය අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හමුවක් සිදුව තිබේ.

    ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණඑම පෙරමුණේ සභාපති ජී. එල් පීරිස් මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා එක්වි ඇත. කැෆේ සංවිධානය වෙනුවෙන් එහි වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා සහ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය සහභාගි වී සිටියහ.

    වත්මන් රජය සහ අනිකුත් පාර්ශව මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ. ඡන්ද හිමි නාම ලේඛන සංශෝධන ක්‍රියාවලිය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග පිලිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක අවශ්‍යතාව අවධාරණය කෙරිණ.

    නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය අනිකුත් ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින් ද හමුවීමට සැලසුම් කර තිබේ.

    Latest News