කඩාකප්පල්කාරි හා අන්තවාදී ක්‍රියා නතර කළ යුතුයි......නීතිය කැඩුවොත් වසර 10ක සිර දඬුවමක් (විඩියෝ)

මැයි 14, 2019
  • රට අරාජික කිරීමට කිසිසෙත් ඉඩ ලබාදෙන්නේ නැති බවත් සිදු කරන කඩාකප්පල්කාරි හා අන්තවාදී ක්‍රියා වහාම මේ මොහොතේ සිට නතර කළ යුතු බව ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති ලෙස අවවාද කරමින් අනතුරු අඟවනවා යැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියි.

    බීමත්ව හැසිරුණු සුළු පිරිසක් ඊයේ කුළියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ වෙළඳ සැල් කීපයකට පහර දීමේ සිද්ධියත් සමඟ තත්ත්වය පාලනය කිරීමට ඊයේ රාත්‍රියේ පොලිස් ඇදිරි නීතිය,පැනවීමට සිදු වුණා. අප බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය නතර වෙයි කියලා.

    නමුත් අදත් කුළියාපිටිය ප්‍රදේශයේ දේපළ හානි කිරීමේ සිද්ධීන් කීපයක් වාර්තා වුණා. නැවතත් සිදු වුණා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇදිරි නීතිය පනවන්නට. මෙම සිදුවීම්වල දී පොලීසිය ඉතා ඉවසීමෙන් ක්‍රිය කළා.නමුත් සුළු අන්තවාදී කොටසක් කළහාකාරි ලෙස හැසිරෙමින් ක්‍රියාකරන බව පේනවා. පොලීසිය ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම,පොලීසියේ දුර්වලතාවක් ලෙස සිතනවා නම් මොවුන්ට සිදු වූ විශාල වරදක් බව කියන්නට කැමතියි. වසර තිහක කාලයක් ලෝකයේ දරුණුතම ත්‍රස්ත කණ්ඩායමක් විනාශ කිරීමට විශාල කාර්යභාරයක් කළ පොලීසියට මේ සුළු අන්තවදී පිරිස සුළු අංශු මාත්‍රයක් පමණක් බව සඳහන් කරන්නට අවශ්යයි.

    2019 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මේ දක්වා එම විමර්ශන සඳහාත් ජාතික ආරක්ෂාව ටහවුරු කිරීම සඳහාත් බහුතරයක් ජනතාව අපට සහාය වුණේ ජාති ආගම් බේදයකින් තොරවයි. නමුත් එයට අංශු මාත්‍රයකින් හෝ සහාය නොකැක්වූ බියසුළු අන්තවාදී පිරිසක් රටේ සාමකාමී ජනතාවගේ ජීවිත හා දේපළ සමඟ කරන මේ අනතුරුදායක සෙල්ලම වහා නතර කළ යුතුයි.නිරායුද සාමකමී සමාන්‍ය ජනතව බියගන්වමින් රට අරාජික කිරීමට කිසිසේත් අප ඉඩ දෙන්නේ නෑ. මෙලෙස අන්තවාදීව ක්‍රියකරන පුද්ගලයින්ගේ ඥාති හිතමිතුරන්ටත් මේ අවස්ථාවේ දැනුම් දෙනවා, තමන්ගේ ඥාතිවරයාට හා හිතවතාට මේ තත්ත්වය පැහැදිළි කර දෙන්න කියලා.

    එසේ නොවුනහොත් ශ්‍රී ලංකා පොලීසියට සිදුවෙනවා,නීතියේ බලය පාවිච්චි කිරීම මොකක්ද කියන එක,මේ සුළු පිරිසට පෙන්වන්න.මේ සිද්ධි සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප නොලැබෙන ලෙසත් ක්‍රියා කරන බවත් වසර 10ක් දක්වා සිර දඬුවමක් ලබන වරදක් බවත් අවධරණය කර සිටිනවා. මෙම සිදු කරන කඩාකප්පල්කාරි හා අන්තවාදී ක්‍රියාවන් වහාම මේ මොහොතේ සිට නතරකර දැමීමට ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති වශයෙන් මම තරයේම අවවාද කරමින් අනතුරු අඟවා සිටිනවා

     

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 09:21

    Latest News