ජාතීන් අතර අසමගිය ඇති නොවන ලෙස සියලු දෙනා කටයුතු කළ යුතුයි;එජනිස මහලේකම්

මැයි 12, 2019

    ජාතීන් අතර අසමගිය ඇති නොවන ලෙස සියලු දෙනා කටයුතු කළ යුතු බව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

    කොළඹ ජින්තුපිටිය ශ්‍රී සාරානන්ද බෞද්ධ විහාරයේ ඊයේ පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    එහි දී අදහස් පළ කළ මහින්ද අමරවීර මහතා....


    “අපි මේ වගේ තත්වයක් ඇති වුණාම ටික කාලයක් යනකම් ඒක පහව යන්නේ නැති බව දන්නවා. එන සතිය වෙනකොට මේ තත්වයන් වෙනස් වෙලා සාමාන්‍ය මට්ටමට ජන ජිවිතය පත්වෙයි. දැන් ඇතිවෙලා තියෙන තත්වය සැලකිල්ලට අරගෙන සියලු ආගමික නායකයින් මුල් වෙලා ශ්‍රී ලාංකිකයින් ගොඩ නඟන වැඩපිළිවෙළක් රට දියුණු කරන වැඩපිළිවෙළකට දේශපාලඥයන් යොමු කළ යුතු කියන මතේ අපි ඉන්නවා“ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා සඳහන් කළේය.

    Latest News