පුද්ගලයින් අතුරුදහන් කිරිමකට ගෝඨාභයට යාපනෙන් සිතාසි

මැයි 03, 2019

    පුද්ගල අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිතාසි නිකුත් කර තිබේ.

    යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ ඇති හබයාස්කෝප් පෙත්සමක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම සිතාසි නිකුත් කර ඇත.

    කෙසේවෙතත් අද (03) දින සාක්ෂි ලබාදීමට සිතාසි නිකුත් කර තිබුණද ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.

    රටේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ අද දින සාක්ෂි දැක්වීමට ඉදිරිපත් වීම අපහසු බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 19:15

    Latest News