“විධායක බලයක් නගරාධිපතිවරුන්ට- සභාපතිවරුන්ට“ වගකීම් ඉටු නොකිරීම ගැටලුවක්

අප්‍රේ 10, 2019

    රට ගොඩනැගීමට තිබෙන ප‍්‍රධාන බාධාවන් අතර වංචාව, ඳුෂණය මෙන්ම මහජන නියෝජිතයන් තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම ද හේතු වී තිබෙන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

    මැතිවරණවල දී කුමන ප‍්‍රකාශ සිදු කළ ද පාර්ලිමේන්තු දිනයේ දී පාර්ලිමේන්තුවට යාමට හෝ පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා රැස්වීමට සහභාගී වීමට මහජන ඡන්දයෙන් තේරි පත්වන ඇතැම් මහජන නියෝජිතයන් උනන්දු නොවන ඔශු කියා සිටියි. එවිට රටේ ජනතාවගේ ගැටලූ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පොළොන්නරුව මහනගර සභාවේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (10) පෙරවරුවේ එක් වෙමිනි.

    මැතිවරණ ව්‍යාපාරයේ දී පක්ෂ භේදයෙන් කටයුතු කළත් තේරි පත්වීමෙන් පසු සියල්ල අමතක කර සාමුහිකත්වයෙන් ජනතා සේවයට කැපවීම පළාත් පාලන නියෝජිතයන්ගේ වගකීම බව ඔහු අවධාරනය කළේය. විධායක ජනාධිපති ධුරය හැරෙන්නට විධායක බලයක් නගරාධිපතිවරුන්ට සහ ප‍්‍රාදේශිය සභා සභාපතිවරුන්ට හිමිව තිබේ. පළාත් පාලන ආයතනයකට ජනතා යහපත උදෙසා ඕනෑම විෂය ක්ෂේත‍්‍රයක් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ අවස්ථාව පවතින බවත් ජනාධිපතිතුමා සිහිපත් කළේය. බලය සහ වගකීම් රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කැපකිරීම සියලූ මහජන නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 1900ක් වැය කරමින් සියලූ පහසුකම්වලින් සමන්විතව මෙම නව මහා නගර සභා ගොඩනැගිල්ල ඉදිකර තිබේ. සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල ජනතා අයිතියට පැවරු ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.  අමාත්‍ය වජිර අබේවර්ධන, වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පොළොන්නරුව මූලස්ථාන පොලීසියේ ඉදිකෙරුණු ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ ගොඩනැගිල්ල අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 501ක් වැය කරමින් ඉදිකෙරුණු කදුරුවෙල නව බස්නැවතුම් පොළ ද අද ජනතා අයිතියට පැවරිණි. මාධ්‍යවේදින් සඳහා නිදහස් ගමන් බලපත‍්‍ර ලබාදීමේ වැඩසටහන ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

    Last modified on බදාදා, 10 අප්‍රේල් 2019 18:44

    Latest News