උත්සව සමයට බිත්තර කෝටි 04ක්

මාර් 09, 2024

    ‍උත්සව සමය සඳහා බිත්තර කෝටි 4 ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසනවා.

    ඊට අදාළ ඇනවුම් දැටමත් සැපයුම්කරුවන්ට ලබා දී ඇති බවයි, ඔහු පවසන්නේ. උත්සව සමයේ හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට බිත්තර ලබා දීම මෙහි අරමුණයි. ඇනවුම් කෙරුණු බිත්තර ලබන සතියේ සිට මෙරටට ලැබීමට නියමිතයි. රුපියල් 43 ක් වැනි මිලකටයි, එම ආනයනික බිත්තර පාරිභෝගිකයන්ට ලබාදීමට තීරණය කර ඇත්තේ. ඊට අමතරව වෙළෙදපොළේ බිත්තර හිඟයක් ඇති වුවහොත්, අවශ්‍ය සංචිත පවත්වා ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. ආනයනික බිත්තර ලංකා සතොස මගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

    Latest News