තිදෙනෙකුට මරු කැඳවූ රඹෑවේ බිහිසුණු අනතුර

මාර් 09, 2024

    අනුරාධපුරය, රඹෑව මාර්ගයේ අද (09) සිදුවූ රිය අනතු‍රකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    කැබ් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ,සංගීත සංදර්ශනයකින් අනතුරුව නිවෙස් බලා ගමන් කරමින් සිටි පිරිසක්. මිය ගිය පිරිස අවුරුදු 16, 19, සහ 21 යන වයස්වල පසුවන රඹෑව හා පිහිඹියගොල්ලෑව ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කර තිබෙනවා.   අනතුර සිදුකළ කැබ් රථය පළාගොස් ඇති බවයි, පොලීසිය පවසන්නේ.

     

    Latest News