ඒ, එම විද්‍යාලයීය දරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන්. දෛනික භාවිතයට අවශ්‍ය සබන් නිෂ්පාදනය කිරීමට පොළොන්නරුව මැදිරිගිරිය මහින්ද මහා විද්‍යාලයේ ගුරුවරුන් සහ දරුවන් කටයුතු කර තිබෙනවා. එම නිෂ්පාදනවල වෙළඳපොල මිල ඉහළ යාම නිසා මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ බවයි, විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය මැදිරිගිරියේ ශාසනරතන හිමියන් පවසන්නේ. බාහිර පරිසරයෙන් අඩු පිරිවැයක් යටතේ ලබා ගත හැකි අමුද්‍රව්‍ය මෙම සබන් නිෂ්පාදයට යොදා ගැනෙනවා. මීට සමගාමීව විෂබීජ නාශක දියර සැකසීම හා මල්පෝච්චි සහ කොම්පොස්ට් පොහොර නිෂ්පාදය ද, ක්‍රියාත්මකයි.