2023 වසර සදහා වන අයවැය පළමුවර කියවීම අද

ඔක් 18, 2022

    ලබන වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    2023 මුදල් වර් ෂය සදහා වූ විසර්ජන පනත් කෙටුම්පතට ඉකුත් 3 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

    ඒ අනුව ලබන වසර සදහා වන රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7,885ක් පමණ වන බවටයි ගණන් බලා තිබේ.

    මේ අතර අද දිනයේදී ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

    හෙට (19) දිනයේදී අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6ක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ.

    එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකේදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත අතර සිකුරාදා පස්වරු 5.00ට 22 වන සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 18 ඔක්තෝබර් 2022 08:04

    Latest News