මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය නවතියි

ඔක් 13, 2022

    මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීම තාවකාලිකව නතර කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

    අද (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීම, මීට පෙර තීරණය කර තිබිණ.

    එම සංශෝධන යටතේ කාර්යාලීය දුම්රිය දැනට ධාවනය වන වේලාවේ සිට මිනිත්තු 10 කට පමණ පෙර ධාවනය කිරීමට සැලසුම් කර තිබිණ.

    අදාළ සංශෝධනය පිළිබඳ මහජනතාව නිසි දැනුවත් කිරීමක් සිදුවී නොමැති බැවින් සංශෝධනය තාවකාලිකව නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඉදිරි සතිය තුළ දුම්රිය කාලසටහනේ සිදුකරන සංශෝධනයන් පිළිබඳව නිසි දැනුවත් කිරීමකින් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ඔක්තෝබර් 2022 11:45

    Latest News