දැරියගේ මරණය ගැන ජනපති ට්විටර් සටහනක් තබයි...

මැයි 29, 2022

    බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දී පසුගිය (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ දැරියගේ මරණය සම්බන්ධයෙන් යුත්තිය ඉටු කිරීමට පොරොන්දු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ එම සාහසික අපරාධය සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බවයි. දැරියගේ මරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුලට හදපිරි ශෝකය සහ බලවත් සංවේගය පළකරන බව ද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

    Today

    Latest News